අපි නොදන්න ලයිව් නෙමෙයි පුතා…. මේ අපි දන්න ලයිව්

0
23

සජීවි හරි රෙකෝඩින් හරි සීරියස් රූපවාහිනී සංවාද වල පිටිපස්සේ (විවේක කාලයේ) තියෙන්නේ පට්ට ඇත්ත. වැඩසටහන හරියට WWF, WWE (රෙස්ලින්) වගේ අමූලික පට්ටපල් පචයක් රඟන්නේ. ඒකනේ සමහර වැඩසටහන් වල බ්‍රේක් එකේදී ගහගන්නේ හපා ගන්නේ. මේ ඇත්ත එළියට දැමීමේ පේටන්ට් එක ‘අපි නොදන්න ලයිව් කරපු චූටි මල්ලි, පොඩි මල්ලිට’ යන්න ඕනේ. ඒ අය තමයි වැඩසටහන් පිටිපස්සේ වෙන අමූලික ඇත්ත ජෝක් එකක් වගේ සමාජ ගත කළේ.

පසුගියදා මගේ මිත්‍රයා චතුර අල්විස් නෑවා කියලා යන වීඩියෝ එක ගත්තම අපි නොදන්න ලයිව් තරම්වත් ආතල් නෑ. අඩුම තරමේ සතපහක විශේෂත්වයක් නෑ. ඇයි චතුර කියන්නේ අමුම අමු ජාතිවාදය ආගම කරගත් මාධ්‍ය හිමිකරුවකුවන දිලිත් ජයවීරට අයත් අමුම අමු ජාතිවාදය නොපෙන්වා ජාතිවාදය නියෝජනය කරන ආයතනයක ජාතිවාදී මාධ්‍යවේදියෙක්. ඒකට මම ආසම මේ රටේ මාර්කටින් පොරක් වෙච්චි දිලිත් ජයවීර කියනව වචනය තමයි…. “ඒක ඇත්තටම ජාතිවාදය නෙමෙයි ජාතිකවාදය” කියලා. එහෙමයි එයාලා ඒක හඳුවන්නේ. ඉතිං චතුරත් අර අයිසින් ජාතිකවාදී කේක් ගෙඩියේ ජාතිකවාදී චෙරි ගෙඩියක්. ඒක දැක්කම ආහ්…. අම්මෝ ගාන්න එපා. අපි නොදන්නවද එහෙම නෙවේ කියලා…. නෑ…. අපි දන්නවා, කට්ටිය අවුල් වුණේ රෙද්ද වැහුවට පස්සේ වෙච්ච දේට…. ඒත් මේ අපි නොදන්න ලයිව් නෙමෙයි පුතා…. මේ අපි දන්න ලයිව්….


ගයාන් ගාල්ලගේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here