‘හිරු TV’ කොරෝනා පැතිරවීම වැඩි කිරීමට සහය වෙයි

0
101

හිරු TV ආයතනය, මෙරට කොරෝනා වසංගතය පිළිබඳව සියල්ල අමතක කරමින්, විශාල කලාකරුවන් පිරිසක් එක්කර ගනිමින් මේදිනවල අවුරුදු වැඩසටහන් පටිගත කිරීමේ යෙදෙන බව වාර්තා වෙනවා. ඊයේ (07) දිනයේ කළ එවැනි පටිගත කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු අනාවරණය වුණා.

සිය ගණනක කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවූ ඒ රූගත කිරීමෙන් අනතුරුව, අද දිනයේද රූගත කිරීමක් සිදුවන බවත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීමද සිදු කරන බවත් කරුණු අනාවරණය වුණා.

මෙම රූගත කිරීම සිදුකර ඇත්තේ තලවතුගොඩ හිරු ස්ටුඩියෝ හී දී ය.

ජනතාවට නිවෙස්වලට සිටීමට උපදෙස් ලබා දෙන පොලීසිය මේ අවස්ථාවේ නිහඬව සිටීම ගැනත් ජනතාවට උපදෙස් දෙන කලා ශිල්පීන් රටක් අනතුරේ හෙළමින් මෙයට සහභාගී වූයේ එම මාධ්‍ය ආයතනයට ඇති බිය නිසා දැයි බොහෝ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here