අවුරුදු චාරිත්‍රවලට වඩා වැදගත් වන්නේ, ‌සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි

0
21

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ‌ත්‍රෛනිකායික මහා නායක හිමිවරු සහ අනුනායක හිමිවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

කෝවිඩි-19 වසංගතය රටපුරා පැතිර ගොස් ඇති අවස්ථාවක අවුරුදු චාරිත්‍ර ඉටුකර දීමට ගොස් රට තවදුරටත් අනතුරේ හෙළිමෙන් වලකින ලෙසද එහිමිවරු ප්‍රකාශ කරති.

අවුරුදු කාලසීමාව තුළද ඇදිරිනීතිය ක්‍රියාත්මක වන බැවින් සියලුම දෙනා නිවස තුලටවී සිටීමට උත්සාහ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එහිමිවරු සඳහන් කලහ.

මේ අතර, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවසුවේ නිවසේ සමාජිකයන් එක්ව නිවස තුල පමණක් අවුරුදු චාරිත්‍ර ඉටුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here