නොගිලෙන නැව ගිලී වසර 108යි

0
47

නොගිලෙන ගිලුණු නැව ලෙස හඳුන්වන ටයිටනික් නැව මුහුදු බත් වී වසර 108ක් වෙනවා. බ්‍රිතාන්‍ය මගී නෞකාවක් වූ ටයිටැනික් 1912 අප්‍රියෙල් 10 වන දින සිය මංගල ගමන ඇරඹුවත් ඉන් දින 4කට පසුව අද වැනි දිනක (අප්‍රියෙල් 14) රාත්‍රී 11.40ට අයිස් කුට්ටියක ගැටෙනවා. ඒ අනුව 1912 අප්‍රියෙල් 15 වන දින පාන්දර 2.40 වනවිට උතුරු අත්ලාන්තික් සාගරයේදී ටයිටැනික් ගිලී යනවා….

සවුත්හැම්ප්ටන් සිට නිව්යෝර්ක් දක්වා ක්‍රියාත්මක වූ මෙම මංගල ගමනට එක වූ නැවේ සිටි මගීන් හා කාර්ය මණ්ඩලය 2,224 න් 1,500 කට වැඩි පිරිසක් මිය ගිය අතර මෙම ගිලී යාම නූතන ඉතිහාසයේ මාරාන්තික සමුද්‍ර ව්‍යසනයන්ගෙන් එකක් ලෙස ඉතිහාස ගතවී තිබෙනවා.

ඒ අතර ලෝකයේ ධනවත්ම පුද්ගලයින් මෙන්ම මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය, ස්කැන්ඩිනේවියාව සහ යුරෝපය පුරා වෙනත් රටවලින් ආ සංක්‍රමණිකයන් සිය ගණනක් සිටියා.

සුපිරි පහසුකම් වලින් යුතු වූ මෙම නැවේ පළමු පන්තියේ නවාතැන් පහසුකම් සැලසුම් කර තිබුනේ ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාල, උසස් පන්තියේ අවන්හල් සහ සුඛෝපභෝගී කැබින් වලින්.

මෙම නැව හඳුන්වා ඇත්තේ දෙවියන්ටවත් ගිල්ලවිය නොහැකි නැවක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here