අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන්, online විරෝධතාවක්

0
53

ගෝලීය වසංගත තත්ත්වයක් වන කොරෝනා වෛරස රෝගය ශ‍්‍රී ලංකාවට ද අභියෝගයකි. ඇඳිරි නීති නියෝගයන්ට අවනතව තම නිවසේ සිටින අයගේ සිට රටේ සියලු අංශ මැදිහත්ව මේ තත්වය පාලනය කරගන්නට කැපකිරීම් කරමින් තිබෙන මොහොතකි.

ඒ නමුත් මේ වන විට කොරෝනා වසංගත මර්දනයට මුවාවී ආණ්ඩුව තම විරුද්ධ මතධාරින් මර්දනය කිරීමේ ව්‍යාපෘතියක් අරඹා තිබෙන බව දකින්නට තිබේ. අපේ‍්‍රල් 01 දාතමින් නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය, එම නිවේදනය මගින් රජයේ නිලධාරින්ගේ කටයුතු විවේචනය කිරීම වරදක් ලෙස සඳහන් කර එවැනි විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස දක්වා තිබේ. ප‍්‍රකාශනයේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් බැවින් පොලිසියේ උක්ත නිවේදනය ද අනීතික එකකි. මේ නිවේදනය අනුව යමින් මේ වන විට සමාජජාලවල සටහන් තැබූ 16 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

බහුතරයක් මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින්, මානව හිමිකම් ක‍්‍රියාධරයින්, දේශපාලන ක‍්‍රියාකාරිකයින් නිවෙස්වලට සීමා කර තිබෙන තත්වයක ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් ආණ්ඩුව ගෙන යන මේ අදහස් මර්දනයට එරෙහිව ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ඔන්ලයින් විරෝධතාවක් 2020 අප්‍රේල් 14 සවස 2ට ප‍්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුවේ සංවිධානයෙන් පැවැත්වුණි. ඊට කලාකරුවන්, සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිකයන්, සිවිල් සහ දේශපාලන සමාජ ක‍්‍රියාකාරිකයන් රැසක් එක්ව තිබුණි.

එම වීඩියෝ සියල්ල,

Collective for freedom of expression

නැරඹිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here