අවදානම වැඩි රටවල් 20ට ලංකාව පත්වුණේ ඇයි

0
49

Risk කියන්නෙ අවදානම, ඒක විව්ධ කෝනවලින් බලන්න පුලුවන්, මේ කන්ඩායම අරගෙන තියෙන්නෙ සමස්ථ covid-19 අවධානම, ඒකෙදි රෝගය පැතිරීම, රෝගයෙන් මිය යෑම වගේම, මේ වසංගතය තුල පැනනගින ආරථික සමාජීය බලපෑම ගැනත් සැලකිල්ලට පත්වෙනවා.

බැලු බැල්මට ලංකාව රෝගය ප්‍රසාරණය, මරණ සහ සුවවීම ඉතා සාර්තකව කර තිබෙනවා, නමුත් මේ දත්ත සංසන්දනයේදි ජන ඝනත්වය, රෝගය පැතිරීම ආරම්භ වූ දිනය, ජන අනුපාතය, සහ දෛනික පැතිරීම වගෙ දේවල් එක්ක සංසන්දනය වෙනවා.

තව මේ කන්ඩායම විශේෂ අවදානයක් ලක්කරල තියෙනවා සෞඛ්‍ය පද්දතියෙ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවය, උදාහරණයකට ලංකාවට ICU bed සහ තාක්ෂනික පරීක්ෂණ කරන්න අවම පහසුකම් තියෙන්නෙ, රෝගීන් 2,500 පමණ ආවොත් මෙහෙයවන්න බැරිවෙනවා ඉතින් ඒක අවදානමක් ලෙස තමා ලකුණු වෙන්නෙ. මේ පහසුකම් ජන ඝනත්වයට සාපෙක්ශව බැලෙන්නෙ.

 

උදාහරණයකට කොවිඩ් නැති වුනත් අපට doctors per population, beds per population නිර්නායකයන්වල ටිකක් පහල ඉන්නෙ. මේ නිසා අපිට ලකුණු අඩු වෙන්නෙ ඇති. ඒකට මේ මොහොතෙ ක්‍රියාමාර්ග වලට අමතරව අපි අවුරුදු තිහක් තිස්සෙ සෞඛ්‍ය සඳහා කළ ආයොජන බලපානවා.

ඒ වගෙම අපිට ලකුණු නොලැබෙනම කොටුවක් තමා Government Management efficiency කියන්නෙ. රාජ්‍ය කලමණාකරන ඵලදායීතාව. තාක්ෂණය බාවිතය, අපි කොවිඩ් දත්ත එකතු කරන්න කොල කෑලි වල තාම, වාර්තා යාවත්කාලින වෙන්නෙ දිනයක් පමාවෙලා, රෝහල් කාර්‍යමන්ඩල අවශ්‍යතා අපි දකින්නෙ මාධ්‍ය හරි facebook වල හරි, PPE ඉල්ලන්න central system එකක් නෑ.. ඉතින් තාක්ෂණය ලකුනු නැතිවම ඇති, ආරක්ෂක පද්ධතියට අපිට ලකුණු ලැබෙන්න ඇති නමුත් අපිට thermal camera නෑ.. mobility monitors වෙන්නෙ නෑ..

ඊලගට රාජ්‍ය යානත්‍රන දූශන සහ වංචා, ඔබ දන්නව රටක් විදිහට අපි දූශිතම රටවල් වලින් එකක්, ජපානය, නෝර්වෙ ලකුණු 95ක් ගන්නකොට අපිට 5ක් විතර ලැබෙන්න ඇති. මෙන්න මේ වගෙ අපි අවුරුදු තිහක් තිස්සෙ වපුරපු බීජ වල ඵලදාව තමා අවදානම ලෙස ඇවිත් තියෙන්න.

පුදුම වෙන්නෙ එපා මෙ Ranking වැරදි කියල අහක දාන්න එපා. දත්‍ත සහ multi dimensional විශ්ලෙශණවලට අපි පුරුදු නෑ සමාජයක් ව්දිහට. Pandemic එකක තියෙන්නෙ chain reaction එකක් ඒක නිසාම අපිට එක නිර්නායකයක් අරන් හොද නරක කියන්න බෑ.

Covid 19 කියනනෙ 21වෙනි සතවර්ශයේ ලොකුම citizens data science ප්‍රොජෙක්ට් එක. ඒක මුලු ලෝකයම දැනුවත් කරමින්, ප්‍රජා සෞඛ්‍ය ගැන අපට පුළුල් අවබොදයක් ලාබාදේවි.

“Data will show you problems, you need to be ready to accept and change”

Source: https://www.dkv.global/covid


චතුරංග අබේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here