දින කිහිපයක් තුල රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවා යලිත්….

0
28

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනමින් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ද ආරක්ෂා වන ආකාරයට සියලු කටයුතු සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ඒ අනුව රාජකාරි කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමටත් අවධානය යොමුව ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (15) අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here