අහිකුණ්ඨිකයා වෙනුවට වඳුරන් පතුරු ගැසීම

0
22

දෙරණ සහ හිරු නාලිකා සම්බන්ධයෙන් සමාජය තුළ විරෝධයක් ගොඩ නැගෙමින් තියෙනවා. ඒකෙන් පේන්නේ ධනවාදි යුගය තුල මාධ්‍ය විසින් අත්පත් කරගෙන හිටපු සමාජයේ අධිකාරි බලය දැරීමේ ප්‍රවේණි අයිතිය පශ්චාත් නූතනවාදය තුළ අහෝසි ‌‌වෙමින් යනවා කියන එක. තවදුරටත් විද්‍යුත් මාධ්‍ය හෙජමොනික නෑ කියන එක.

මෙහෙම තියෙද්දි ගොඩක් අය කරන්නේ චතුරට, රංගනට, සුදේවට, දිල්කා ට, සංඛට පලු පැලෙන්න බනින එක. එයාලට බැනලා වැඩක් නෑ. පවු එයාලට අපි අනුකම්පා කරන්න ඕන. මොකද මේ ප්‍රාග්ධන මූලික සිස්ටම් එක තුළ ස්වාධින මත දරන මාධ්‍යවේදියෙකුට බිහි වෙන්න බෑ. මොන ජගතා වුනත් මීඩියා එකේදි නටන්න වෙන්නේ අයිතිකාරයා ගහන පදේට. හරියට අර පාරේ නටවන රිලව් වගේ. අයිකාරයා කියන ඇඳුම ඇඳගෙන, උඩ පැනපං කියනකොට උඩ පනින්න වෙනවා. නැන්දම්මගේ ගෙදර යමං කියනකොට ඒ යන විදිහට යන්න වෙනවා. ඒකම නේ මෙයාලත් කරන්නේ. චතුර අවුරුදු දවසට සරමක් ඇඳලා අවුරුදු වැඩසටහන් කරනවා. ආයේ ටයි කෝට් දාලා ප්‍රවෘත්ති කියනවා. ටී ෂර්ට් එකක් ඇඳගෙන පාරට එනවා. කොටු කොටු එකක් ඇඳලා දේශපාලන වැඩසටහන් කරනවා…. රංගන උදේට පත්තර කියනවනවා, රෑට නළු නිලියන්ගේ රෙදි හෝදනවා. සංඛ උදේට සාකච්ඡාව කරලා රෑට අලුත් පාර්ලිමේන්තුවත් කරනවා වෙන ඇඳුමක් ඇඳලා. සුදේවලා, දිල්කලා මේ ඔක්කොම අර අහිකුණ්ඨිකයා කියන තාලෙට නටන වඳුරෝ වගේ කියන කියන විදිහට නටනවා ඇරෙන්න වෙන ස්වාධින මතයක් දරන්න එයාලට බෑ….

එහෙම කරන්න බැරිනං ගෙදර යන්න වෙනවා. රස්සාවට කෙළවෙනවා. ඒ නිසා එයාලට බැනලා වැඩක් නෑ. එයාල කරන්නේ රස්සාව. කීයක් හරි හොයාගන්න අහිකුණ්ඨිකයා කියන විදිහට නටන්න වෙනවා. ඒ නිසා වඳුරන් පතුරු ගැසීමෙන් පළක් නැත.


අරවින්ද ඉන්ද්‍රජිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here