ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වා දීමට සැරසෙයි

0
25
gene technology and medical science

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී හෙට (24) පස්වරු 5.00 ට ආරම්භ වේ.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය ඒකාබද්ධවයි. මෙම සමුළුවට ඇමරිකා එක්සත් ජනපදයේ සිට විශේෂඥ වෛද්‍යවරුන්, විද්‍යාඥයින් සහභාගිවීමට නියමිතය.

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සදහා ජාන වලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතු වල පහසුකම් ඇති කිරිමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත. එය 2019 අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ මේ වන විට ක්‍රියාත්මකය. වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සදහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇත. තව ද අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් වෙයි. මෙමගින් රෝගී සත්කාර සේවා සදහා වැය වන පිරිවැය ඉතා අඩු වෙයි. වර්තමානය වන විට රට තුල ජාන රසායනාගාර 05 ක් ස්ථාපිත කර ඇත.

එම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාල සියලුම පහසුකම් වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරිම සදහා රුපියල් මිලියන 482 ක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් 07 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සේවය කරයි. එම වෛද්‍යවරුන්ට ඇමරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here