Rakuten Viber, නව Chatbot විශේෂාංගය හරහා AI තාක්ෂණ හැකියාවන් විවෘත කරයි !

0
57

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම (Image Generators) සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින් AI Chat සහ Create,ලෙස නම් කර ඇති නව chatbot විශේෂාංගයක් එළිදක්වා ඇත. DALL-E සහ Davinci වැනි උත්පාදක AI තාක්ෂණයෙහි ඉහළ මට්ටමේ මොඩියුල ඒකාබද්ධ කිරීම මගින්, Viber යෙදුම තුළ පරිශීලකයින් හට chatbot හරහා ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හෝ සුවිශේෂී වූ රූප නිර්මාණය කිරීමෙන් එහි නිර්මාණශීලිබව පරීක්ෂා කර බැලීමට ඉඩ සලසනු ඇත. ලෝකය පුරා වේගවත්ව භාවිතයට ගනු ලබන නවතම AI තාක්ෂණ මෙවලම් පාරිභෝගිකයින් හට භාවිතා සඳහා උත්සාහ කිරීමට අවශ්‍ය සෑම AI තාක්ෂණ සේවාවක් සඳහාම නව ගිණුමක් ආරම්භ කළයුතුය. බොහෝ විට පාරිභෝගිකයා හට AI තාක්ෂණය ක්‍රියා කරන ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් සහිත තාක්‍ෂණික දැනුමක් තිබිය යුතුවේ. Viber හි අරමුණ වන්නේ AI තාක්ෂණය පිළිබඳ උනන්දුව ඇතිවන පරිදි, AI සඳහා වඩාත් ප්‍රවේශ විය හැකි සහ එය භාවිතා
කරන්නන් සඳහා එම තාක්ෂණය පහසු කර දීමය. Viber තාක්‍ෂණය සහ පරිශීලකයා අතර අන්තර් සබඳතාවක් ලෙස ක්‍රියා කරමින් සෑම පුද්ගලයකුටම ඔවුන්ගේ විද්‍යුත් තැපෑලට ප්‍රවේශය ලබා දීමෙන් තොරව හෝ එක් එක් සේවාව සඳහා වෙනම ගිණුමක් නිර්මාණය කිරීමකින් තොරව නවමු අත්දැකීම ලබා ගැනීමට ඉඩ සලසා දෙයි. මෙහි කෙටි අවස්ථා කිහිපයකින් පරිශීලකයින් හට මිතුරන් සමඟ කතාබස් කිරීමට, Bot භාවිතා කිරීමට, ඔවුන්ගේ නිර්මාණ බෙදා ගැනීමට හෝ ගැටළුවකට ආයාසයකින් තොරව පිළිතුරු ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් ඉයාල් මෙසේ පැවසීය. ” AI තාක්‍ෂණය පිළිබඳ උනන්දුව දැනට තාක්ෂණික කර්මාන්තයේ වැඩි අවධානයකට ලක් වී ඇති අතර සෑම දිනකම වැඩි වැඩියෙන් මිනිසුන් මෙම තාක්‍ෂණය හරහා නව අත්දැකීම් ලබා ගැනීම සඳහා උත්සුක වෙනවා. කෙසේ වෙතත්, මෙම තාක්ෂණික මෙවලම්වලින් ඇතැම් මෙවලම් වෙත ප්‍රවේශය ලබා ගැනීම සෑම කෙනෙකුටම පහසු කටයුත්තක් නොවේ. එසේම විශේෂ සේවාවක් සඳහා ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයකින් තොරව විශේෂාංග යෙදුම තුළ, Viber කතාබස්වල පහසුව සමඟින් විවිධ AI තාක්ෂණ සේවාවන් අත්හදා බැලීමට බාධාවකින් තොරව ඉතාම පහසු ක්‍රමය ලබා දීමට අපි පියවර ගෙන
තිබෙනවා. අපි මෙම කර්මාන්තයේ ප්‍රමුඛතම AI මෙවලම් සඳහා සෘජුවම විශේෂාංග යෙදුම මත ප්‍රවේශය සපයාදෙනු ලබන අතර ඒ මඟින් පරිශීලකයින්හට සිය නිර්මාණ හෝ පිළිතුරු ඉක්මනින් හුවමාරු කිරීමට හැකියාව සලසනු ලබයි. මේ වන විට Chatbot විකල්ප දෙකක් ලෙස එකක් පින්තූර සඳහා සහ අනෙක Text සඳහා ඉදිරිපත් කර ඇති අතර අනාගතයේ දී අඛණ්ඩව මෙවැනි විකල්ප අවස්ථාවන් තවත් පුළුල් කිරීම අපගේ අපේක්ෂාවයි.”

මේවන විටත් Chatbot සඳහා ග්‍රාහකයින් 6,000කට අධික ප්‍රමාණයක් සහ 250K වැඩි ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සිටින අතර එය නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතී. මෙම විශේෂාංග අත්දැකීම ලබා ගැනීම සඳහා එය ඔබ ආරම්භ කළ යුත්තේ
කුමන ස්ථානයකින්දැයි නොදන්නේ නම්, chatbot සඳහා එහි ඇති හැකියාවන් පිළිබඳ උදාහරණයක් හුවමාරු කර ගැනීමට ‘Inspire Me’ ක්ලික් කිරීමට කටයුතු කරන්න. AI Chat හා Create chatbot යන විශේෂාංග, Viber යෙදුමේ හෝ එහි පිරික්සුම් පිටුවේ ඇති Chat Function සෙවීම හරහා සොයා ගත හැකය. එම අවස්ථාවේ සිට,පරිශීලකයින් හට chatbot වෙත සම්බන්ධ වීමට හැකියාව ලැබෙන අතර ඔවුන්ට AI තාක්ෂණය අත්විඳිම සඳහා අසීමිත ප්‍රවේශයක් හිමිවනු ඇත. මෙම සබැඳිය හරහා ඔබ විසින්ම එය උත්සාහ කර බලන්න: https://vb.me/8ab600 Rakuten Viber පිළිබඳව:
Rakuten Viber හි අරමුණ වන්නේ, මිනිසුන් එකිනෙකට සම්බන්ධ කිරීම හරහා පුද්ගල සබඳතා වර්ධනය කිරීමය. ලොව කොහේ සිට හෝ ඕනෑම පුද්ගලයකුට මෙම සන්නිවේදන සේවාව අත්විඳිය හැක. ගෝලීය වශයෙන් මෙය භාවිතා කරනන් හට කෙටි පණිවිඩ, වීඩියෝ ඇමතුම්, විවිධ කණ්ඩායම් හා පණිවිඩ යැවීම සහ ඔවුන්ගේ ප්‍රියතම වෙළඳ නාම සහ කීර්තිමත් පුද්ගලයින් සමඟ සහ සම්බන්ද වීම සහ සාකච්ඡා වැනි විශේෂ අවස්ථා රැසකට මේ හරහා එක්විය හැකිය. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට ආරක්ෂිත සහ නිදහස් පරිසරයක් ඇති බව අපි සහතික කරමු. Rakuten Viber යනු විද්‍යුත්- වාණිජ්‍යය (E – Commerce) හා මූල්‍ය සේවා පිළිබඳ ලෝකයේ ප්‍රමුඛයා වන Rakuten in Corporate හි කොටසකි. Viber සමාගම සුප්‍රකට Golden State Worriers නමැති ඇමරිකානු පැසිපන්දු කණ්ඩායමේ Calling App හවුල්කරුද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here