හැරී සහ මේගන් Frogmore Cottage වෙතින් ඉවතට !

0
29

හැරී කුමරු සහ මේගන් බ්‍රිතාන්‍යයේ සිටියදී ඔවුන් භාවිතා කරන වින්ඩ්සර් කාසල් වතුයායේ භූමියේ පිහිටි නිවස වන Frogmore Cottage වෙතින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව යුවළගේ ප්‍රකාශකයෙක් බදාදා මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

මෙම Frogmore නිවස බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරැජින විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට විවාහය වෙනුවෙන් ලබා දුන් ත්‍යාගයක් වන අතර ඔවුන් නිවසින් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ තුන්වන චාල්ස් රජු විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජ පවුල ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ රජ පවුලට විරුද්ධ මත සඳහන් වෙන ග්‍රන්ථයක් එළිදැක්වීම ඇතුළු කරුණු මෙලෙස ඔවුන්ට මෙම නිවහන අහිමි වීමට හේතුවී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here