මහ බැංකුවේ විශේෂ තීරණය

0
32

විදේශ විනිමය වෙළෙඳපොල පිළිබඳව පනවා ඇති සීමා එළඹෙන සතියේ සිට ඉවත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු කියා සිටියේ ලබන සඳුදා හෝ අඟහරුවාදා වන විට එම සීමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම තීරණය අනුව අපනයනය කටයුතුවලදී මෙතෙක් බලපෑ පොලිය රඳවා ගැනීම ඇතුළු සීමාවන් ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදුවීමට නියමිත ඇති.

කෙසේ නමුත් අපනයනකරුවන් වෙනත් රටවල රඳවා ඇති විදේශ විනිමය මෙරටට රැගෙන ආ යුතු බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here