බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. එහිදී බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අලුත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත්තේ යම් චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදිය නොහැකි බවයි.
එසේ නම් චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමතිකම් නොදී අනෙක් මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදෙන ලෙස ඉල්ලීමක් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
කෙසේ නමුත් ජනාධිපතිවරයා ඊට නිශ්චිත පිළිතුරුක් ලබාදී නොමැති බවයි සඳහන් වන්නේ.
ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මෙම යෝජනාව කර ඇත්තේ චෝදනා සහිත මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය සහිතවද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.