ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගන්න – හියුමන් රයිට්ස් වොච්

0
668

ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට සුදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කර ඇත.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධානය කරන්නේ මෙම කෙටුම්පත මඟින් මානව හිමිකම් ක්‍රමානුකුලව උල්ලංඝණය කිරීමට බලධාරීන්ට අවස්ථාව හිමිවන බවයි.

ඕනෑම ප්‍රතිත්‍රස්ත පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී ඇත.

යෝජිත ත්‍රස්ත මර්දන නීතිය සාමකාමී විවේචකයින් නිහඬ කිරීමට සහ සුළු ජාතීන් ඉලක්ක කරගත් ක්‍රියාවන්ට අවසර දීමක් බවයි එහි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි මහත්මිය සඳහන් කරන්නේ.

මානව හිමිකම් තහවුරු කරන බව ත්‍රස්ත මර්දන නීති කෙටුම්පත කරන තුරු දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද භාවිත කිරීම සඳහා රජය පුර්ණ තහනමක් පැනවිය යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා ඇත.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ජපානය, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් මෙම පනත් කෙටුම්පත මානව හිමිකම් තහවුරු කිරීම තෙක්වන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා බලපෑම් කළ යුතු බවයි එම සංවිධානය සඳහන් කරයි.

මේ තත්ත්වය මත GSP+ සහනය සඳහා ද බලපෑහැකි බව යුරෝපා සංගමය පැහැදිලි කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

News19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here