විල්පත්තුවේ මහා වන විනාසයක් !

0
2641

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට අයත් කාලාඔය නිලබැම්ම ප්‍රදේශයේ දැවැන්ත ගස් කැපීමේ ජාවාරමක් සිදුව ඇත. එම ප්‍රදේශයේ ගස් කැපීමේ නිරතව සිටි සැකකරුවන් 8 දෙනෙකු යන්ත්‍රසූත්‍ර තොගයක් සමග වනජීවී නිලධාරීන් විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු සහ රාජාංගන ප්‍රදේශයේ පදිංචිකරුවන් සිවු දෙනෙකි.
වසර 300ක් පමණ පැරණි දැවැන්ත ගස් ඇතුළු තවත් ගස් විශාල ප්‍රමාණයක් මෙම පිරිස කපා දමා ඇත.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් වරයා විසින් ලබාදී තිබු බලපත්‍රයක් අවභාවිතා කරමින් මෙම ගස් කැපීම සිදුව ඇති බව වනජීවී නිලධාරින් කියා සිටිති.

මෙම ගස් කැපීම සිදු කර ඇති ප්‍රදේශයේ දීර්ඝකාලීන බදු පදනම මත වගා කිරීමට අක්කර 5 ක ප්‍රදේශයක් ලබා දී ඇති බවද වනජීවි නිලධාරීන් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here