මුලතිව් ධීවරයින්ට දැනුම

0
2808

මුලතිව් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2023 මැයි මස 25 වැනි දා නැගෙනහිර නාවුක විධානයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාරගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, ශ්‍රී ලංකා නාවුක නෞකා ගෝඨාභය ආයතනයේ දී පැවැත්විණි.

ධීවර සමිති මඟින් කළ ඉල්ලීමකට අනුව සංවිධාන කළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහ ප්‍රදේශයේ ධීවර සමිති නියෝජනය කරමින් සභාපතිවරුන් 28 දෙනෙකු සහභාගී වූ හ.

මෙහිදී විදේශීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකිරීම සහ මෙරට ධීවර ප්‍රජාව විසින් සිදුකරනු ලබන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මුලතිව් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව විසින් මතු කළ ගැටළු පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී  ලංකා නාවුක හමුදාව, වෙරළරාක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන කාර්යයභාරය සම්බන්ධයෙන්  ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදුකෙරිණි.

#ලක්දන #නාවුකහමුදාව #ධීවර #slnavy #srilankanavy #fishermen #fishery

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here