ආරක්ෂක සේවා රග්බි සූරතාව ගුවන් හමුදාවට

0
2346

ආරක්ෂක සේවා රග්බි තරගාවලිය 2023 මැයි මස 09 වැනි දා සිට 16 දා දක්වා රත්මලාන ගුවන්
හමුදා කඳවුරු රග්බි පිටියේ පැවැත්වින.

එහිදී යුද හා නාවුක හමුදා රග්බි කණ්ඩායම්වලට එරෙහි ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ජයග්‍රහණය ලබා ආරක්ෂක සේවා රග්බි සූරතාව දිනා ගැනීමට සමත් විය.

ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරගයේ දි ලකුණු 15-13 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය ලද අතර, නාවුක හමුදාව සහ ගුවන් හමුදාව සමග පැවති තරගයේ දී ලකුණු 23-13 ක් ලෙස ලබා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායම ජය ලැබී ය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 මැයි 23 වැනි දා නාවුක පාබල ආඥාපති රියර් අද්මිරාල් පිඒඑන්එල් පොන්නම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එහි දී දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට ගයන්ත ඉද්දමල්ගොඩ විසින් හිමි කරගන්නා ලදී.

#ගුවන්හමුදාව #ගුවන් #ක්‍රීඩා #රග්බි #හමුදා #ජය #ලක්දන #srilankaairforce #slairforce #rugby #sports #winners #lakdana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here