බැසිල්ගේ නඩුව තවත් කල් යයි

0
30
බැසිල්ගේ නඩුව තවත් කල් යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව විභාග කිරීම නොවැම්බර් 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුමලාභීන්ට නිවාස ආධාර ලබාදීම සඳහා දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කිරීම තුළින් රජයේ අරමුදල් වැය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජන අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේදී පසුගිය 15 වැනිදා විභාග කරනු ලැබීය.


හෂාන් අනුරාධ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here