ඉන්දියාවෙන් JAVA මෝටර් බයිසිකලයක්

0
10

ඉන්දියාවේ බැංග්ලෝර් නගරයෙන් නවතම මෝටර් බයිසිකලයක් හඳුන්වා දී තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ ජාවා නමින්. මේ මෝටර් බයිසිකලයේ විශේෂත්වය තමයි එහි මිල. එය මිල කර තිබෙන්නේ ඉන්දියානු රුපියල් එක් ලක්ෂ පනස් පන් දහසකට. මේ මෝටර් බයිසිකලේ තිබෙන පහසුකම්වලට සාපේක්ෂ්ව එහි මිල ඉතාම අඩු අගයක් කියලා තමයි වාර්තා වෙන්නේ. 293 ක්‍ක්‍ ධාරිතාවක් සහිත මේ මෝටර් බයිසිකලය ගියර් 6 කින් යුක්තයි. කිලෝ 170 ක බරක් එයට දරන්න පුළුවන්. මේ තරම් බරක් දරන්න පුළුවන් වෙන්න එය නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දියානු මාධ්‍යම පන්තික පවුලක හතර දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වෙන ආකාරයටයි. ඒ වගේම රළු දුර ගමන් සඳහා සුදුසු ටයර් සහිත මේ බයිසිකලයේ ඉන්ධන ටැංකියේ ධාරිතාව ලීටර් 14 ක්. කළු, අළු, මෙරූන්, කොල, කහ සහ නිල් කියන වර්ණ හතරෙන් මෙය නිෂ්පාදනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here