කෝටි 38ක වියදමින් ඉදිකළ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය කුට්ටි කපා කොළඹට පටවයි

0
28
කෝටි 38ක වියදමින් ඉදිකළ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය කුට්ටි කපා කොළඹට පටවයි.

කෝටි 38ක වියදමින් ඉදිකළ කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය කුට්ටි කපා කොළඹට පටවයි. මේ වනවිටත් මැදිරි ගලවා ප්‍රවාහනයට සූදානම් කරන බව අපට අනාවරණය වුනා.

මේ පිළිබඳව කඩුගන්නාව දුම්රිය ස්ථානයේ සේවකයෙකුගෙන් දුරකථනය හරහා අප විමසු විට ඔහු පවසා සිටියේ අලුතින් සාදන කොළඹ දුම්රිය කෞතුකාගාරය වෙත කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ එන්ජින් කිහිපයක් රැගෙන යන බවත් වෙනත් තොරතුරක් ඔවුන් නොදන්නා බවත්, එසේ කිරීමට අන දුන් බලධාරියා කවුදැයි විමසු විට ඒ පිළිබඳවද ඔවුන් නොදන්නා බවත්ය.

නමුත් අපට තොරතුරු ලබා දුන් ආරංචි මාර්ග පවසා සිටින්නේ මෙතරම් විශාල මුදලක් වැය කර සෑදු ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාවෙන් ඉවත් කිරීම අපරාධයක් බවයි.

මේ පිළිබඳව කිසිඳු ලිඛිත ලියවිල්ලකින් කඩුගන්නාව දුම්රිය ස්ථානයේ කෞතුකාගාරයේ සේවකයන් හට දැනුම් දී නැති බවත්, කඩුගන්නාව දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු මෙයට සම්පුර්ණ සහය දක්වන බවත්, එය ඉහල සිටින බලධාරීන්ගේ පුද්ගලික වුවමනාවට සිදුවෙන්නක් බවත්, සමහරවිට ලිඛිත ලියවිල්ලක් දුම්රිය ස්ථානයේ ඉහල නිලධාරීන්ට ලැබී ඇතැයි කියා අනුමාන කරන නමුත් ඒ පිළිබඳව කිසිඳු තොරතුරක් ඉහල නිලධාරීන් කෞතුකාගාර සේවකයන්ට නොදන්වා සිටින්නට ඇති බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියා.

මේ මොහොතේදී ප්‍රවාහනයට සූදානම් කරන දුම්රිය එන්ජින් දෙකක් එකිනෙක ගැටීමෙන් එක් දුම්රිය එන්ජිමක කොටස් කිහිපයකට හානි සිදුවී ඇති බවත් නැවතවරක් අපට වාර්තා කර සිටියා. එය කෞතුක භාණ්ඩ වලට හානි කිරීමක් හා අපරාධයක් ලෙසයි ඔවුන් පවසා සිටින්නේ.

මේ දුම්රිය එන්ජින් අද දිනයේ රඹුක්කනට ප්‍රවාහනය කර, හෙට දිනයේ සිට ටිකෙන් ටික කොළඹට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් අපට වාර්තා වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here