“මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක්”

0
10

යුද්ධයෙන් මියිගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් වන අතර අදාළ අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අවසරයක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

විග්නේශ්වරන් මහතා පැවසූ‍වේ යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහි කිරීම ග්‍රීක යුගයේ සිට ක්‍රියාත්මකව පැවති අතර, ඒ වෙනුවෙන් කිසිවෙකුට බාධා එල්ල කිරීමට අයිතියක් හා අවසරයක් නොමැති බවත් තම ජාතිය වෙනුවෙන් යුධ වැදී මියගිය මහවිරුවන් සැමරීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ විරෝධතාවයක් පවතින නමුත්, ඒ වෙනුවෙන් උතුරේ ජනතාවට අයිතියක් පවතින බවද විග්නේශ්වරන් මහතා පවසයි.

මහවිරු සැමරුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විග්නේශ්වරන් මහතා එලෙස පැවසු අතර, හෙතෙම එහිදි වැඩිදුරටත් පැවසුවේ යුද්ධයෙන් මියගිය විරුවන් සැමරීමට අදාළ විරුවන්ගේ දෙමාපියන්ට, ඥාතීන්ට, සහෝදර ස‍හෝදරියන්ට දුක් වන්නට අවසරයක් තිබෙන බවයි.

අපගේ විරුවන් ඉතාම සාමකාමීව හා නිදහස් ලෙස සැමරීමට හා සිහිපත් කිරීම කළ යුතු බව මගේ හැගීමයි.

අප වෙනුවෙන් දිවිපිදු ඒ විරුවන් සැමදා අපගේ හදවත් තුළ ජීවත්වනු ඇති යනුවෙන්ද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here