‘ඇවටර්’ චිත්‍රපටය යලිත් 2020 දී

0
22
'ඇවටර්' චිත්‍රපටය යලිත් 2020 දී

ලෝකයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙස අදටත් ඉතිහාස ගතව තිබෙන ජේම්ස් කැමරන්ගේ ‘‘ඇවටර්’ චිත්‍රපටයේ කොටස් දෙකක් මේ දිනවල රූපගත කරමින් තිබෙන බව සඳහන් වේ. ‘‘ඇවටර්’ දෙක ලෙස නම් කර ඇති චිත්‍රපටය 2020 වසරේ තිරගත වන අතර, එහි තුන්වැන්න 2021 වසරේදිත් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි.

‘‘ඇවටර්’ පළමු චිත්‍රපටයේ රඟපෑ බොහෝ නළුනිළියන් පිරිසක් මෙම චිත්‍රපටයටද එක්ව තිබෙන අතර, ඔස්කා සම්මානලාභි කේට් වින්සිල්ට් පමණක් මෙහි එන අලුත් චරිතයක් හරහා ‘‘ඇවටර්’ චිත්‍රපටයට සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, ඇය 2012 වසරේදී තිරගත වන ‘‘ඇවටර්’ තුන්වැනි චිත්‍රපටයට එක් නොවන බව සඳහන් වේ. මේ සඳහා මේ වනවිටත් ජේම්ස් කැමරන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600කට වඩා වැඩි මුදලක් නිෂ්පාදන බරපැණ සඳහා වෙන් කර තිබෙන බවද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here