හිරුණිකාගේ නඩුවට දින තීන්දු වෙයි

0
29
හිරුණිකාගේ නඩුවට දින තීන්දු වෙයි

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩු විභාග කිරීම සඳහා කොළඹ දී මහාධිකරණය දින නියම කළේය.

මෙම නඩුව අද(11) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නඩුව මාර්තු මස 12 සහ 13 යන දිනවල විභාගයට ගන්නා බවයි විනිසුරුවරයා නියම කළේ.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ද විනිසුරුවරයා අවවාද කළේය.

2016 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර සිදු කළ බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩුව අවසන් කර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here