දොස්තරලා ස්ට්‍රයික් ද?

0
26
දොස්තරලා ස්ට්‍රයික් ද?

ඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිඟ අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන සතියේ පූර්ව දැනුම් දීමකින් තොරව දැඩි ක්‍රියාමාර්ගයන් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක හා ඌව ශාඛා ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ල මහරෝහලේ වෛද්‍ය විවේකාගාරයේදී  ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

පළාත් සභාව මගින් පාලනය වන සියලු සෞඛ්‍ය ආයතන වල සියලු කාර්ය මණ්ඩල වලට  මාස 3ක හිඟ අතිකාල දීමනා ලබාදීමට පළාත් සභාව අසමත්ව වි ඇති බවත් මේ තත්ත්වය මෙසේ තිබියදී නිලධාරීන් කීපදෙනෙකුගේ විදේශ සංචාර සදහා විශාල මුදලක් වැය කර ඇති බවය.

රෝහල්වල පවතින ඹෟෂධ හිගයක් ගැනද මෙහිදි අනාවරණය කළ  රා‍ජපක්ෂ මහතා ජලභීතිකා එන්නත නොමැති කමින්  සුනඛ සපා කෑම්වලට ලක්වූවන් බරපතල අවදානමකට පත්ව තිබෙන බවත්, මේ වසරේ ඉකුත් මාස 10 ක පමණ කාලයක් තුළ  සුනඛ සපා කෑම් 8500 ක් වාර්තා වී ඇති බවද ඒ මහතා අවධාරණය කරනු ලැබිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here