ලෝකයෙම ප්‍රසිද්ධ අයෝමය කැංගරුවා මියයයි

0
33
ලෝකයෙම ප්‍රසිද්ධ අයෝමය කැංගරුවා මියයයි

ලොව විශාලතම කැන්ගරුවා මිය ගොස් ඇත.

මිය යන විට 12 හැවිරිදි වියේ පසුවූ මෙම කැන්ගරුවා ‘රොජර්’ නමින් හැදින් වූ අතර උසින් මීටර් 2 ක් හා බරින් කිලෝග්‍රෑම් 89 ක් විය.

සිය මව රිය අනතුරකට ලක් වී මිය ගොස් අනාතව සිටියදී සොයාගත් රොජර් පසුව ඔස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස්හි (Alice Springs) කැන්ගරු රක්ෂිතයක හැදී වැඩිණි.

සති අන්තයේදී කැන්ගරු රක්ෂිතය රොජර්ගේ මරණය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, ඔවුන්ට “ලස්සන දරුවා” අහිමි වූ බවය.

2015 වසරේදී රොජර් සිය අයෝමය බාහු ප්‍රදර්ශනය කරමින් පෙනී සිටි ඡායාරූප කිහිපයක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වීමත් සමග ලෝකයේ ම අවධානයට පාත්‍ර විය.

රොජර් අවසාන කාලයේදී ආතරයිටිස් සහ දෘෂ්‍යාබාධයකින් පෙළී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here