මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි….?

0
27
මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් හෙට දිනයේදී ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ නිවේදනය කරනවා.

හෙට දිනයේ ජාතිය අමතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ජාතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම උදෙසා මෙම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා ගනු ලැබූ බවත් ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැඩි දුරටත් සිය නිවේදනය මගින් කරුණු දක්වා තිබෙන්නේ.

මේ අතර තමන් අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ  මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙදී ප‍්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති එම රැස්වීම මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා.


දිනුක් හේවාවිතාරණ / හේමන්ත කහවලගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here