“රනිල් යළි ආවොත් මම පැයක්වත් තනතුරේ ඉන්නේ නෑ” කියූ ජනපතිට ජනයුගයෙන් මතක් කිරීමක්

0
25

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමනි,

මාස එකමහාරක් තිස්සේ රටත් සමග සෙල්ලම් කල ඔබ තුමා කල කී දෑ ගැන අමුතුවෙන් මුල සිට කියා වචන නාස්ති කිරීම තේරුමක් නැත. එමෙන්ම ඔබ තුමා කී බොහෝ දේ නියමිත කාලය තුල කලේ නැති බවත්, තවත් විශාල ප්‍රමාණයක් කොහෙත්ම කලේ නැති බවත් ඔබගේ පාලන කාලය තුල සහ පසුගිය මාස එකමහාර තුලදී අපට හොඳින් පෙනෙන්නට තිබුණි. එසේ තිබියදී “රනිල් යළි ආවොත් මම පැයක්වත් තනතුරේ ඉන්නේ නෑ” කියූ ඔබ, දැන් එසේ සිදුවූ පසුත් තනතුරෙන් ඉවත් වේ යයි අපි සිතන්නේද නැත. නමුත් ජනපති තුමනි ඔබතුමන් සෘජු තීරණ ගන්නා, කියූ දෙය කරන නායකයෙක් බව පෙන්වීමට මේ හොඳම අවස්ථාවයි. මන්ද ඔබතුමා කියන දේ නොකරන නායකයෙකු ලෙස දැන් ලේබල් වැදී හමාරය. එවැනි තත්ත්වයක් තිබියදී එය කර පෙන්වා ඔබගේ ගෞරවනීය භාවය රැකගන්නා ලෙස ලෙස අප ගෞවරවයෙන් ඉල්ලා සිටිමු. එසේ නොකළහොත් ඔබ තුමා දිව දෙකේ කතා කියනා, දුර්වල, භයගුලු සහ නිවට නායකයෙකු බව අප නැවතත් පසක් කර ගන්නෙමු.

ස්තුතියි,
මෙයට,

කියූ දේ කරනු ඇතැයි බලාපොරොත්තු වන බහුතර මහජනතාවගේ නියෝජනයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here