භාවනායෝගීව සිටි භික්ෂුන් වහන්සේ නමක් දිවියෙකුට ගොදුරු වෙයි

0
24
භාවනායෝගීව සිටි භික්ෂුන් වහන්සේ නමක් දිවියෙකුට ගොදුරු වෙයි

වනයක් තුළ භාවනායොගීව සිටි බෞද්ධ භික්ෂුවක් දිවියෙකු විසින් මරාදමා ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තාවෙයි.

දිවියාගේ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ තිස්පස් හැවිරිදි භික්ෂුවක් බව මහරාෂ්ට්‍ර පොලීසිය සඳහන් කරයි.

රාහුල් වෝක් බෝධි නම් මෙම භික්ෂුව පසුගිය දිනෙක(12) උදෑසන රාම්ඩෙගි වනාන්තරයේ ගසක් පාමුළ භාවනායෝගීව සිට ඇති අතර එහිදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

මෙම භික්ෂූන් වහන්සේ සමග භාවනායෝගීව සිටි තවත් දෙදෙනෙක් බේරි පලාගොස් ඇති අතර පසුව පොලිසිය දැනුවත් කර තිබේ.

ඉන්දියාව තුළ දිවියන් 12000 – 14000ත් අතර ප්‍රමාණයකත් වාසය කරන බවත්, දිවියන්ගේ ප්‍රහාරයට ලක්ව වාර්ෂිකව මරණ සිය ගණනක් වාර්තා වන බවත් ඉන්දීය මෘධ්‍ය වාර්තා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here