පසුගිය සිරිපා වාරයේ කැලිකසල තවමත් හැටන් දුම්රිය ස්ථානයේ

0
33

ඉකුත් ශ්‍රි පාද වන්දනා සමයේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේදි සහ දුම්රිය ස්ථානයේදි බැහැර කල කැලි කසල සහ ඝන අපද්‍රව්‍යය මාස 6 තිස්සේ දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව අසල කැලි කසල බදුන්වල ගොඩ ගසා ඇති බව එම දුම්රිය ස්ථානයේ සේවකයන් පැවසිය.

දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගෙන එන ආහාර පාන හැටන් දුම්රිය ස්ථානයේදි අනුභව කර ඉවත් ලන කැලි කසල සහ ඇතැම් වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානය සතු විශ්‍රාම ශාලාවේදි ඉහුම් පිහුම් කටයුතු කර ඉවතලන කැලි කසල දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව අසල තබා ඇති කැලි කසල බදුන්වලට බැහැර කරන බවයි දුම්රිය ස්ථානයේ සේවකයන් කියා සිටියේ.

කැලි කසල බදුන්වලට බැහර කර තිබු කැලි කසල හැටන් දික්ඔය නගර සභාව මගින් අවස්තා කිහිපයකදි රැගෙන ගියද ඉකුත් ශ්‍රි පාද වන්නා සමයේ අවසන් මාස කිහිපය තුල වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු කැලි කසල නගර සභාව මගින් රැගෙන නොගිය බවයි දුම්රිය ස්ථානයේ සේවකයන් කියා සිටින්නේ.

2018-2019 ශ්‍රි පාද වන්දනා සමය මේ මස උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන බැවින් දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන් බැහැර කරන කැලි කසල ඉවත් කිරිමට පවත්නා තත්ත්වය මත කැලි කසල බදුන් පවා නොමැති බවත්, දැනට ගොඩ ගැසි ඇති කැලි කසල රැගෙන යන ලෙසට අවස්තා කිහිපයකදි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දුන් බවයි දුම්රිය ස්ථානයේ සේවකයන් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රමයියා බාලක්‍රිෂ්ණන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ දුම්රිය මගින් බැහැර කරන කැලි කසල දුම්රිය ස්ථානයේ සේවකයන් විසින් වෙන් කර කැලි කසල බදුන්වලට බැහැර නොකිරිම නිසා එම කැලි කසල නගර සභාව මගින් ලබානොගත් බවයි දැනට එක් රැස් වි ඇති කැලි කසල ඉවත් කර ගැනිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියා.


රංජිත් රාජපක්ෂ (හැටන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here