ලංකාවෙන් කරපිංචා එපා…. විදෙස් රටවල් කියයි

0
32
ලංකාවෙන් කරපිංචා එපා.... විදෙස් රටවල් කියයි

ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටා රාජ්‍යයන් වෙත ‍ශ්‍රී ලංකාවේ සිට කරපිංචා රැගෙන ඒමෙන් වළකින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ.

යුරෝපා සංගමය විසින් එම සංගමයට අයත් රටවල්වලට ශ්‍රී ලංකාවේ සිට කරපිංචා රැගෙන ඒම තහනම් කර ඇති නමුත් පසුගිය නොවැම්බර් මාසයේ සිට ඉතාලියට පැමි‍ණි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඔවුන්ගේ ගමන්මලු තුළ කරපිංචා රැගෙනවිත් ඇති බව රෝම තානාපති කාර්යාලය පෙන්වා දෙනු ලැබිය.

යුරෝපා සංගමය විසින් තහනම් කරන ලද ආහාර ද්‍රව්‍ය එම සංගමයට අයත් රටවලට මෙසේ රැගෙන යාම ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට සහ යුරෝපා රටවලට අපනයනය කරනු ලබන වෙනත් ආහාර ද්‍රව්‍ය කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කරන බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

මේ හේතුවෙන් ගමන්මලු තුළ කරපිංචා රැගෙන ඒම සිදු නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන රෝම තානාපති කාර්යාලය පෙන්වාදෙන්නේ එවැනි ද්‍රව්‍ය රැගෙන ඒමෙන් කටුනායක ගුවන්තොටුපලේ දී සිදුකරන ගමන්මලු පරීක්ෂාවේදී විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here