නුවරඑළියට තදින් මල්තුහින පතිත වෙයි…. එළවළු වගාවට සහ තේ වගාවට බලපැම්

0
18
නුවරඑළියට තදින් මල්තුහින පතිත වෙයි.... එළවළු වගාවට සහ තේ වගාවට බලපැම්

නුවරඑළිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම මල්තුහින පතිත වි තිබුණා.

නුවරඑළිය නගර සභා ක්‍රිඩා පිටිය තුරඟ තරග පිටිය, ගොල්ෆ් ක්‍රිඩාංගනය ඇතුළු ස්ථාන කිහිපයකටයි මෙසේ මල්තුහින පතිත වි තිබුණේ.

අද අලුයම නුවරඑළිය ප්‍රදේශයේ සෙල්සියස් අංශක 6 ක අවම උෂ්ණත්වයක් තිබු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

නුවරඑළිය මේ දිනවල පවතින දැඩි සිත කාලගුණයත් සමග මල්තුහින පතිත වි ඇති අතර එම මල්තුහින දැක බලා ගැනිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවල නුවරඑළිය සංචාරය සදහා පැමිණ තිබෙනවා.

මෙසේ පතිත වන මල්තුහින අලුයම සිට හිරු එලිය පතිත වන තෙක් පවතින අතර මල්තුහින පතිත විම නිසා නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වන බවයි එළවළු ගොවින් සහ වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here