විශාල පරිසර හානියක් සිදු කරමින් ජල පෝෂක ප්‍රදේශයක අනවසරෙන් මැණික් ගැරූ 7 දෙනෙක් සැක පිට අත්අඩංගුවට

0
15
විශාල පරිසර හානියක් සිදු කරමින් ජල පෝෂක ප්‍රදේශයක අනවසරෙන් මැණික් ගැරූ 7 දෙනෙක් සැක පිට අත්අඩංගුවට

විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සමග ඊයේ (05) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි.ධර්මප්‍රිය මහාතා පැවසීය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ මැද කොටසේ තෘණ බිමක විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් පිරිසක් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත සිදු කල මෙහෙයුමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදංචිකරුවන් බවත්, එම සැකකරුවන් අතරින් සැකකරුවන් කිහිපදෙනෙකු අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරම්වල නිරතව සිට මිට පෙරත් නිතියේ රැහැනට කොටු වි අධිකරණය හමුවේ චුදිතයන් වු අය බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here