‘සිරස’ යනු ජාතියෙන් සමාව ගත යුතු නාලිකාවකි.

0
26
'සිරස' යනු ජාතියෙන් සමාව ගත යුතු නාලිකාවකි.

‘සිරස’ යනු ජාතියෙන් සමාව ගත යුතු නාලිකාවකි. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ ගරිල්ලා මාධ්‍ය ක්‍රමය හරහා සියල්ල කනපිට ගැස්සවිය හැකි බවය.

ඇත්ත..!

මීට කාලෙකට පෙර කළ කී දෑ නිසා අද සංගීත ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ වී ඇත. BnS සංගීතයේ යම් හැරවුම් ලක්ෂයක් තැබුවේද, ඔවුනට දුන් ප්‍රචාරය හරහා ඔවුන්ගේ, ඇතැම් නිර්මාණ හරහා ඉරාජ්ලා බිහිවිය. අද ෆිල්ටිලා යන්නේද ඔය ‘පුරෝගාමීන්ගේ’ අඩිපාරේ ය. සිංහල සංගීතය නැත්තටම නැතිකරමින් විවිධ ජාගර සංගීත රැළි ‍රට තුළට ගෙනාවේ ‘සිරස’ ය.
‍‍
දේශපාලනයේදීත් ඔවුන් සිතුවේ ඔවුන්ට ඕනෑ දෑ කරගන්නට ය. රනිල් වික්‍රමසිංහ වෙත එල්ල කළ මාධ්‍ය ප්‍රහාරය කිකලෙකවත් කිසිදු දේශපාලකයෙකු අරබයා එල්ල වී නැත. නමුත් රනිල්ගේ පරිණතභාවය සහ සූක්ෂ්මබව නිසා තවමත් ඔවුන්ට කිසිවක් කරගන්නට ලැබුණේ නැත.

රූකාන්ත ගුණතිලකලා හදුන්වාදුන් සංගීත ‘රටාව’ සිරස නැත්තටම නැතිකරේය. මිනිසුන්ගේ හැගීම් විකුණනන්නටත්, මිනිසුන්ගේ ආත්මගරුත්වය පාවා දෙන්නටත් පටන්ගත්තේය. ‘දාමිණි’ හරහා මෙගා රැල්ල අරඹමින්, ‘ශාන්ති’ හරහා කසිකබල් ඉන්දීය නාට්‍ය ලංකාවට ගෙනඑමින් දේශීය ටෙලිනාට්‍යකරුවන් හොම්බෙන් යැව්වේය.

මෙවැනි ඉලුමිනාටි මාධ්‍ය සංවිධාන සෑම රටකම ඇත. අවශ්‍ය වන්නේ පාදඩ මාධ්‍යකරණය එරෙහිව ජනතාව දැනුමින් සවිබල ගැන්වීමයි. වාසනාවට ‘සිරස’ නොව, ‘හිරු’ , දෙරණ’ පවා මෙල්ල කළ හැකි ශක්තිමත් සමාජ මාධ්‍ය පෙරමුණක් රටේ ගොඩනැගෙමින් ඇත.

‘සිරස රැල්ලේ වලි’ ඇතිවෙමින් ඇත!


මනෝරම වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here