“ශ්‍රි පාද වන්දනාවේ එද්දී අනාරක්ෂිත ස්ථාන වල දිය නාන්න එපා”

0
34

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටිනවා.

මධ්‍යම කඳුකරයේ මේ දිවන පවතින දැඩි වියළි කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින අතර, ඇතැම් වන්දනාකරුවන් එම ජලාශයේද දිය නැම සිදු කරන නිසා මෙම ඉල්ලිම සිදු කරන බවයි ලක්සිරි ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ.

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගඟුලේ දිය නෑම සදහා ස්ථාන කිහිපයත් වෙන් කර ඇති අතර එම ස්ථාන වල පමණක් දිය නෑම සිදු කරන ලෙසටත් එම ස්ථානවල පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින්ද රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here