බිලියන දෙක හමාරට ලංකාවේ ගහන අරක්කු සීල් එක බිලියන 12කට ඉන්දියාවට දෙන්න හදනවා

0
17
බිලියන දෙක හමාරට ලංකාවේ ගහන අරක්කු සීල් එක බිලියන 12කට ඉන්දියාවට දෙන්න හදනවා

සුරාබුදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් මත්පැන් බෝතල් සීල් කිරීමට යොදන ලේබලය ඉන්දියාවට පැවැරීමේ උත්සාහයක් පවතින බව දූෂණ විරෝධී හඬ විසින් අනාවරණය කර තිබෙනවා.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ එම ලේබලය යෙදීමට වර්ෂයකට වැය වූ රුපියල් බිලියන දෙකහමාරක මුදල මෙම පැවැරීම හරහා රුපියල් බිලියන 12ක් දක්වා ඉහළ යන බවය.

දළ වශයෙන් එකී වියදම පස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. සමරසිංහ මහතා පැවැසුවේ ටෙන්ඩර් යොදා සිදු කරන මේ ජාවාරම පිටුපස මුදල් අමාත්‍යාංශයේ හා අදාළ මත්පැන් ව්‍යාපාරයට සම්බන්ධ ඉහළම පෙළේ කිහිප දෙනෙක් සම්බන්ධ බවය. මේ පිළිබඳ තොරතුරු ලේඛන සහිතව ඉදිරි දින කිහිපය තුළ හෙළිදරව් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.


අනුරාධා හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here