කිරිපිටි ගැන සැකයක් තියෙනව නම් පාරිභෝගික අධිකාරිය අමතන්න

0
26
කිරිපිටි ගැන සැක ඇතිනම් පාරිභෝගික අධිකාරිය අමතන්න

වෙළෙඳ‍පොළේ පවතින කිරිපිටි සම්බන්ධයෙන් යම් සැකයක් මතු වුවහොත් වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව ආහාර ලෙස ඉවත් කළකිරිපිටි මෙට්‍රික් ටොන් 25ක් වෙළෙඳ‍පොළට ගොස් ඇති හෙයින් ඒ පිළිබඳ විමසිලමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවට දන්වා සිටියි.

ඉකුත් 04 දින වරකා‍පොළ ප්‍රදේශයේදීත් ඉකුත් 12 වෙනි දින කුලියාපිටිය ප්‍රදේශයේදීත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙසේ සත්ව ආහාරවලට වෙන් කරන ලද කිරිපිටි නැවත ව්‍යාජ ඇසුරුම්වල බහා වෙළෙඳ‍පොලට යැවීමේ ස්ථාන දෙකක් වටලනු ලැබිය.
එහිදි හෙළි වූ කරුණු මත මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව ආහාර ලෙස ඉවත් කළ කිරිපිටි මෙට්‍රික් ටොන් 25 ක් වෙළෙඳ‍පොළට යවා ඇති බව අනාවරණය වී තිබේ. එබැවින් මේ පිළිබඳ යම් සැකයක් මතු වුවහොත් නැතිනම් මෙවන් ස්ථානයක් පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු වේ නම් වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පැය විසි හතර පුරාම විවෘත 1977 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස එහි සහකාර අධ්‍යක්ෂ (බස්නාහිර පළාත) එන්.ඒ. ජාසුර් මහජනතාවට දන්වා සිටියි.


ශානිකා මාධවී පීරිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here