ව්‍යාජ පුවත්වලට එරෙහිව වට්ස් ඇප් පණිවුඩ හුවමාරුව සීමා කරයි

0
24
ව්‍යාජ පුවත්වලට එරෙහිව වට්ස් ඇප් පණිවුඩ හුවමාරුව සීමා කරයි

වට්ස් ඇප් පණිවුඩ සේවාව (WhatsApp) භාවිත කරන්නන් වෙත ලැබෙන ඕනෑ ම ආකාරයක තනි පණිවුඩයක් යළි වෙනත් පුද්ගලයන් වෙත යැවීම (Forward) වාර 5කට පමණක් සීමා කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

වට්ස් ඇප් පණිවුඩ සේවාව විසින් එවැනි පියවරක් ගනු ලැබුවේ සිය පණිවුඩ ජාලය හරහා ව්‍යාජ පුවත් පැතිර යාම වැළැක්වීමේ උත්සාහයක් වශයෙනි.

ෆේස්බුක් ආයතනයේ හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වට්ස් ඇප් පණිවුඩ සේවාව මේ වන විටත් එම ක්‍රමවේදය ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇත. ඒ මීට මාස හයක පෙර සිටය.

එවැනි පියවරක් ගනු ලැබුවේ, කලහකාරීන් විසින් සිදු කළ පහර දීම් ගණනාවකට වට්ස් ඇප් පණිවුඩ සේවාව හරහා පැතිර ගිය ව්‍යාජ පුවත් හේතු වී ඇති බවට වාර්තා පළ වීමෙන් අනතුරුවය.

මේ දක්වා ඉන්දියාව හැර වෙනත් රටවල සිටින වට්ස් ඇප් භාවිත කරන්නන්ට තමන් වෙත ලැබෙන පණිවුඩයක් වෙනත් පුද්ගලයන් වෙත යැවිය හැකිව තිබුණු වාර ගණන විස්සකි.

 ව්‍යාජ පුවත්වලට එරෙහිව වට්ස් ඇප් පණිවුඩ හුවමාරුව සීමා කරයි

යාවත්කාලීන කරන ලද වට්ස් ඇප් පණිවුඩ සේවාව හා සම්බන්ධ නීති ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදීය. එරට පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් මස පැවැත්වීමට නියමිතය.

ඉන්දුනීසියාව තුළ අඩවසරක කාලයක් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල “ඉතාමත් සැලකිල්ලෙන්” අගැයීමට ලක් කිරීමෙන් අනතුරව, තමන් එවැනි තීන්දුවක් ගත් බව වට්ස් ඇප් පණිවුඩ සේවාව බීබීසී වෙත පැවසීය.

“අදාළ සීමාව මගින් ලොව පුරා නැවත යවනු ලබන පණිවුඩ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් කප්පාදු කර තිබෙනවා,” ප්‍රකාශකයෙක් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here