දුමින්ද නිදහස් කිරීමක් ගැන හිරුණිකාගෙන් හෙළිදරව්වක්

0
24
දුමින්ද නිදහස් කිරීමක් ගැන හිරුණිකාගෙන් හෙළිදරව්වක්

2011 වසරේ ඔක්තෝබර් 08 වන දා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට දිවි අහිමි කිරීම සම්බන්ධයෙන්ට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ඔක් 11 බ්‍රහස්පතින්දා නැවතත් තහවුරු කළේය.

කෙසේ වුවත් දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව දෙමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

කෙසේ වෙතත් දඬුවම් හිමිව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඊයේ පාරිලිමේන්තුවේදී හෙළිදරව් කලාය.

“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දිය යුතුයි කියලා මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අත්සන් ලබාගන්න වැඩපිළිවෙලක් යනවා. ජනාධිපතිවරයාගේ නියෝග මත එහෙම කරාවා කියලා ඔවුන් පවසනවා. ඒ සම්බන්ධයෙන් මට හොද සාක්ෂි තිබෙනවා. පෙරවාරි 04 දා ජනාධිපති සමාව දෙන්න ජනාධිපතිවරයාට අදහසක් තිබෙනවා කියලා තමයි ඒ අය කියන්නනේ. එහෙම දෙන්න අදහසක් ජනාධිපතිතුමාට තියෙනවා නම් අනිත් සිරකරුවන්ටත් එහෙම නිදහස දෙන්න වෙනවා. මම මේ කතාකරන්නේ මගේ පියා ඝාතනය කිරීම ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක පොදු ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියක් නැති කමට අපි මොකද කරන්න ඕන. 2015 ජනවරි 08 දා මේ වගේ පුද්ගලයෙක් ජනාධිපති කරන්න මම කළ කැපවීම ගැන මම කණගාටුවෙනවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය කරපු ජනාධිපතිතුමා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව නොදෙයි කියලා මට විශ්වාස කරන්න බැහැ. ජනාධිපතිවරයෙක් මිනිස්සුන්ට එපාවෙන්නේ දෙවැනි වාරයේදී කටයුතු කරද්දි. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහත්මයා තමයි ජනාධිපතිවරයාගේ පළමු කාලයයේදී ජනතාවටම එපාවුණ කෙනා. ජනාධිපති සමාව දෙන්නනම් නීතිපති නිර්දේශය සහ අධිකරණ අමාත්‍යතුමියගේ නිර්දේශ අවශ්‍යයි. අධිකරණ ඇමතිතුමිය කොන්දක් තියෙන ඇමතිවරියෙක් කියලා මට විශ්වාසයි. එතුමිය සල්ලිවලට නැවෙන කෙනෙක් නෙවෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here