මන්ත්‍රි චමින්ද විජේසිරිගේ ආරක්ෂකයින් පොලිස් නිලධාරියෙකුට පහර දෙයි

0
4
මන්ත්‍රි චමින්ද විජේසිරිගේ ආරක්ෂකයින් පොලිස් නිලධාරියෙකුට පහර දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයින් පිරිසක් සිදු කළ පහර දීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා.

ඊයේ(10) රාත්‍රි අදාළ පහර දීම සිදුව ඇති අතර තුවාල ලැබු පොලිස් නිලධාරීයා මේ වන විට බණ්ඩාරවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ පොලිස් නිලධාරීයා මෙම මන්ත්‍රිවරයාගේ මෝටර් රථය පසුකර ගොස් ඇති අතර ඊට කෝපයට පත් මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් පොලිස් නිලධාරීවරයාට පහර දී ඇති බව සඳහන්.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 26 හැවිරිදි පොලිස් නීලධාරීවරයෙකු වන අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර මෙම ආරක්ෂකයින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිගේ ආරක්ෂකයින් බව වාර්තා වනවා.

බණ්ඩාරවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here