වෙන්දේසියෙන් සුපිරි මුදලක් ඉපයූ පරණ කාර්එක

0
24
වෙන්දේසියෙන් සුපිරි මුදලක් ඉපයූ පරණ කාර්එක

ලොව විරලතම මෝටර් රථවලින් එකක් වන 1932 දෙවැනි ලෝක යුද සමයේ නිර්මාණය කළ Alfa Romeo 8C මෝටර් රථය වෙන්දේසියක් තුළ විශාල මුදලකට අලෙවි වී තිබේ.

ප්‍රංශයේ පැවති මෝටර් රථ වෙන්දේසියක දී අදාළ රථය ඩොලර් මිලියන 19ක මුදලකට අලෙවි වී තිබේ. ඉතාලි මෝටර් රථ වර්ගයක් ලෙස සැලකෙන ඇල්ෆ රෝමියෝ මෝටර් රථ අතීතයේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් අතර වර්තමානයේ ද එම ඉල්ලුම පහළ ගොස් නැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අදාළ රථය මේ වන විට සිය සිව්වැනි හිමිකරු අතට පත්වූ අතර මිල දී ගත් පුද්ගලයා දුරකථන මාර්ගයෙන් ඇමරිකාවේ සිට අදාළ මිල දී ගැනීම සිදුකළ බවයි, වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here