කොළඹ කොටස් හුවමාරු අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරු පත් වේ

0
26
කොළඹ කොටස් හුවමාරු අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරු පත් වේ

වම් පසින් : දිමුතු සංජය අබේසේකර මහතා
දකුණු පසින් : මුර්තාසා ජැෆර්ජි මහතා

2019 පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දිමුතු සංජය අබේසේකර මහතා සහ මුර්තාසා ජැෆර්ජි මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වන ලදී.

දිමුතු සංජය අබේසේකර මහතා :
ලොව පුරා ශාඛා ජාලයකින් සමන්විත ඇමෙරිකානු ඩොලර් බිලියන 35ක වත්කම් කළමනාකරණය සහ විශේෂඥ මුල්‍ය සේවා සපයන සමාගමක් ලෙස කිර්තීනාමයක් දිනා ඇති සමාගමක් වන සිංගප්පුරුවෙහි පිලිප් කැපිටල් සමාගමෙහි අනුබද්ධිත සමාගමක් වන ආශා පිලිප් සෙකියුරිටීස් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දිමුතු සංජය අබේසේකර මහතා නිලතල හොබවයි. වර්ෂ 30ක අධික කාලයක ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව වෘත්තීමය පළපුරුදු හා අත්දැකීම්වලින් පරිපුර්ණ වූ අබේසේකර මහතා ආශා ෆයිනැන්ශල් සර්වීසස් ලිමිටඩ් සමාගමෙහිද වත්මන් අධ්‍යක්‌ෂ තනතුර හොබවයි. එසේම කොළඹ කොටස් තැරැව්කාර සංගමයේ සභාපති ලෙසද කටයුතු කර ඇති එම මහතා ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව ප්‍රවීණ වෘත්තීයවේදීයකු ලෙස වර්තමානයේදී කොළඹ කොටස් තැරැව්කාර සංගමයට වැදගත් සේවයක් සපයයි. එම මහතා වසර ගණනාවක් පුරා ලබාදුන් අත්දැකීම් හා නායකත්ව හැකියාවට ඇඟයිමක් ලෙස කලමසු සිස්ටම්ස් පී.එල්.සී සමාගමෙහි ආරාධනාවකින් එම සමාගමේ සභාපති ධුරයද දරා ඇත.

මුර්තාසා ජැෆර්ජි මහතා :
ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ඊට සම්බන්ධ විවිධ වත්කම් ජාලයන් පිළිබඳව වසර 25ක අධික කාලයක පළපුරුද්දක් හිමි මුර්තාසා ජැෆර්ජි මහතා ජේ. බී සෙකියුරිටීස් පුද්ගලික සමාගමෙහි වත්මන් සභාපති ලෙස කටයුතු කරයි. එමෙන්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී යන ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන එම මහතා අගෝස්තු 2007 සිට ජුලි 2009 කාලසීමාව තුල කොළඹ කොටස් හුවමාරු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සේවය කරන ලදී. ඕස්ටෙ‍්‍රලියාවේ නිව් සවූත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු සහ කොම්පියුටර් විද්‍යාව පිළිබඳව උපාධියකින්ද කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව Masters උපාධියකින්ද මෙතුමා පිදුම් ලබා ඇත. මුර්තාසා මහතා වරලත් මුල්‍ය විශ්ලේෂකයකු (CFA) වීම තුලින් වෘත්තීය විශිෂ්ඨත්වයෙන් සහ උසස් ආචාරධර්ම පිළිපැදීමට සැමවිට කටයුතු කරයි.

කොළඹ කොටස් හුවමාරුව පිළිබඳව:

කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ලයිස්තුගත සමාගම් හා ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය පාරදෘශ්‍ය හා විධිමත් පරිසරය සකස් කෙරෙයි. සාමාජික  ආයතන 15 කින් හා  ගනුදෙනුකරන සාමාජික  ආයතන 14 කින් සමන්විත  මෙය  ශ්‍රී ලංකාවේ නෛතික රාමුවට අදාලව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබෙන අතර  ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් අධිකාරිය ලබා තිබේ. මෙම සියලුම සාමාජික ආයතන හා ගනුදෙනුකරන සාමාජික ආයතන කොටස් තැරැව්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් බලපත්‍ර ලබාගත යුතුය. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.


නිරෝෂන් විජේසුන්දර

කොළඹ කොටස් හුවමාරුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here