“ආනයනික කිරිපිටි පරිභෝජනයට සුදුසු නෑ”

0
30

ආනයනික කිරිපිටි, පරිභෝජනය සඳහා කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වේගවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ගොවියා ණය බරින් මුදා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම සහ ගොවි පරපුරට යහපත් සමාජ පිළිගැනීමක් ඇති කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලීය ක්‍රිඩාංගනයේ පැවති “2018 මහවැලි ගොවි අභිෂේකය” ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළා.

නවීන තාන්ෂණයත් සමඟ කෘෂිකර්මාන්තයේ නිරත වෙමින් නව ලෝකය සමඟ එක්වීමට මෙරට තරුණ ගොවිපරපුරට සියළු ඉඩ ප්‍රස්ථා විවර කර දිය යුතු බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ග්‍රාමීය වශයෙන් ව්‍යාප්තව ඇති නීති විරෝධී මත්පැන් මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙල ද ඉදිරි සති දෙක තුන තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here