ආවා කියා දෙරණ ගෙනා “හාවා” අහක යන ලෙඩක් දාගෙන

0
51
ආවා කියා දෙරණ ගෙනා හාවා අහක යන ලෙඩක් දාගෙන

ආවා කල්ලියේ සාමාජිකයෙකු ලෙස හඳුන්වමින් පසුගිය පෙබරවාරි 04 වැනිදා දෙරණ හා හිරු නාලිකාවන්හී වැඩසටහන්වලට සහභාගි වුණු අරුලානන්දන් අරුල් (අරුන්) යන පුද්ගලයා ආවා කල්ලියේ සාමාජිකයෙකු නොවන බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.

ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු සමාජිකයෙකු බවත් වාර්තා වේ.

කෙසේවුවද, අරුල්ගේ හැසීරීම් බුද්ධි අංශ අවධානය යොමුව ඇති බවද මේ අතර වාර්තා වන අතර ඔහුට මෙසේ විශාල ප්‍රචාරයක් ලබාදුන්නේ දේශපාලන කුමන්ත්‍රණයටකට බවට මේ වන විට සැක මතුව තිබේ.

මේ පුද්ගලයා යාපනය චුන්නාකම් ප්‍රදේශයේ උපත ලබා ඇති නමුත් ඔහු ජීවත් වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ බව පැවසේ.

මේ පිළිබ පෙරටුග මී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා අදාළ අය ප්‍රකාශ තම පක්ෂයට සම්බන්ධව කටයුතු කර ඇති බවත් 2015 වර්ෂයෙන් පසුව ඔහු ඉවත් වී ඇති බවත් හෙළිකර තිබේ.

අරුල් කළ රඟපෑම යාපනයේ ප්‍රචණ්ඩකාරී ආවා කල්ලියේ සැබෑ ස්වරූපය යටපත් කිරීමට සිදු කළ එකක් බවට ද දෙමළ දේශපාලන පක්ෂවලින් චෝදනා එල්ලවී ඇත.


උපුටා ගැනීම – Sri Lanka Mirror (Sinhala)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here