පසු­ගිය වසරේ වාරි­ය­පොළ පොලිස් දඩ ආදා­යම කෝටි තුන ඉක්මවයි

0
27
පසු­ගිය වසරේ වාරි­ය­පොළ පොලිස් දඩ ආදා­යම කෝටි තුන ඉක්මවයි

වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ මාර්ග නීති උල්ලංඝනය කිරීම යටතේ 2018 වසරේ රියැදුරන්ට එරෙහිව අධිකරණය මඟින් පවරන ලද නඩුවලින් සහ දඩවලින් ලැබූ ආදායම රුපියල් 32,516,500ක් බව රථවාහන අංශය පවසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත දිවා රාත්‍රී දෙකෙහිම මාර්ග රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු කාර්‍යක්ෂම කරන බවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වැරැදි කරන රියැදුරන් හසුකර ගැනීම වැඩි වී ඇති බවත් වාරියපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය. පාසල් ළමයි ප්‍රවාහනය කරන රියැදුරන් හා පාසල් ළමයි දැනුවත් කිරීමේ වැඩසටහන් කරගෙන යන බවත්, ඒ මඟින් රිය අනතුරු හා අනෙකුත් දූෂණ වංචා ක්‍රියාකාරකම් අවම කරගැනීම අරමුණ වී ඇති බවත්, නිලන්ත බණ්ඩාර මහතා පැවැසීය. 2018 වසර තුළ අධිකරණය හමුවේ පවරා ඇති මුළු නඩු සංඛ්‍යාව 22373කි. රිය අනතුරු සංඛ්‍යාව 258කි. පුදගලයින් 26ක් මියගොස් ඇත. බරපතළ රිය අනතුරු 96කි. තුවල කරුවන් 390ක් හා අලාභ හානි 28කි. රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩුපැවරීම අනුව බීමතින් රිය පැදවූ ගණන 929කි. අන්තරාදායක හා අපරික්ෂාකාරීව රිය පැදවූ ගණන 200කි. මාර්ග නීති උල්ලංඝනය කිරීම් 6604කි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා කියා සිටියේ වාහන පැදවීමේදී විනය ගරුක වූයේ නම් මෙවන් අනතුරු සංඛ්‍යාව සිදු නොවන බව හා වටිනා ජීවිත අහිමි වීමක් නොවන බවය. 2019 වසරේ රිය අනතුරු අවම කිරීම අපේක්ෂා කරන බව කී නිලන්ත බණ්ඩාර මහතා ඒ සඳහා සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව කීය.


එච්.එම්. නන්දාවතී පතිරාජ
වාරියපොල මධ්‍යම සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here