මූලික වැටුප වැඩි නොකර වතුකම්කරුවන්ව මුලා මුලා කරන නිසා, තවත් විරෝධතාවයක් හැටන් නගරයේ

0
33

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් රුපියල් 1000 ව්‍යාපාරය හැටන් නගරයේදි ඊයේ (17) උද්ඝෝෂනයක් සිදු කලා.

ඒ කළු කොඩි සහ පොස්ටර් අතැතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් පෙළපාලියකින්, හැටන් නගර මධ්‍යයට පැමිණෙමින්.

එම උද්ඝෝෂනයේ නියැලි සිටි එම සංවිධානයේ සමාජිකයන් සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක සමාජිකයන් රජයට අවධාරණය කර සිටියේ රුපියල් 1000 මුලික වැටුපක් ලබා දිමිට වතු සමාගම්වලට හැකියාව තිබියදී වතුකරයේ වෘත්තිය සමිති කිහිපයක් සමග එක් වි වතු හාම්පුතුන්ගේ සංගමය රුපියල් 700ක වැටුපක් පමණක් ලබා දි ඇති බවයි.

රජයේ පාර්ශවය නියෝජනය කරන වතුකරයේ දේශපාලකයින් කිහිප දෙනෙකු එක් වි අයවැයෙන් රුපියල් 50 දිමනාවක් වතු කම්කරුවන්ට ලබාදෙන බවට ප්‍රකාශයක් කරමින් වතු කම්කරුවන්ව සියළු දෙනා එක් වි තව දුරටත් මුලා කරන බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි 1000 ව්‍යාපාරයේ සමාජිකයන් කියා සිටින්නේ….


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here