“දළඳා මාළිඟාවට වඩා උස මුස්ලිම් පල්ලි එපා” යයි කියනා අය⁣ට මහනුවර ⁣මේ අපරාධ පෙනෙන්නේ නැතිද…?

0
5

මහනුවර නගරයේ උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යෑම අතිශය ප්‍රබල පාරිසරික ගැටළුවකි. මේ තත්වය වලක්වාගැනීම සඳහා ඉතා යෝග්‍ය උපායක් අතීතය විසින් ම ලබා දී තිබේ. එහෙත් නූතන නගර නිර්මාණකරුවන්, මහනගර සභාව හා පුද්ගලික ව්‍යවසායකයන් යනාදි සෑම පාර්ශ්වකරුවෙක් ම ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා නැත.

මහනුවර වැව හෙවත් කිරිමුහුද පිහිටි නිම්නය විහිදෙන්නේ වැව ඔස්සේ මහනුවර බස්නැවතුම දෙසට ය. සුළං හැමීම ද සිදුවන්නේ මේ ඔස්සේ ය. එහෙත් දකුණු ආසියාවේ පළමු පෙළට අයත් යැයි කියාගනු ලබන කැන්ඩි සිටි සෙන්ටර් නම් ආර්ථික ගොඩනැගිල්ල විසින් මේ පාරිසරික සමතුලිතතාව ඉතා බරපතල ලෙස විනාශ කර තිබේ.

දැන් එහි තවත් අදියරක් ලෙස ගොඩනැගිල්ලේ කෙළවර තවත් ඉදිකිරීමක් ක්‍රියාත්මක ය. එයින් වැව දෙසින් නගරය දෙසට ගමන් කරන සුළඟ/සිසිල් වාතය ඉතා බරපතල ආකාරයෙන් අවහිර කෙරෙනු ඇත.

දළඳා මාළිඟාවට වඩා උස ගොඩනැගිලි එපා යැයි පුරසාරම්බාන පුහු පිස්සන් මෙවැනි අපරාධවලට එරෙහිව කතා කරන්නේ නැත.

ඊයේ(17) දහවල් ද නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවී ය.


නිමේෂ තිවංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here