වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක්

0
20
වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක්

වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක් හේතුවෙන් පවුල් 12 කට අයත් සමාජිකයන් 51 දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමක් මතු විම හේතුවෙන් එම නිවාස පදිංචිව සිටි පවුල් 12 කට අයත් සමජිකයන් 51 දෙනෙකු ඊයේ (20) රාත්‍රියේ එම නිවාස වලින් තාවකාලිකව ඉවත් කල බව බගවන්තලාව පොලිසිය පවසනවා.

කළුගල් ආධාරයෙන් සිමෙන්ති මිශ්‍රණයෙන් එවකට ඉදි කර ඇති මෙම නිවාස පේලියේ විශාල ලෙස ඉරිතලා කළුගල් ගැලවි බිමට වැටිම හේතුවෙන් එම නිවාස පේලිය කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවයි පොලිසිය කියා සිටින්නේ.

එම නිවාස පේලියට ලබාදී තිබු විදුලි බලයද මේ වන විට විසන්ධි කර ඇති අතර එම නිවාස පේලියේ පදිංචි අවතැන් වූවන් තාවකාලිකව ඔහුන්ගේ ඥාති නිවෙස්වල පදිංචි කිරිමට වතු පාලනය අධිකාරිය කටයුතු කර තිබෙනවා.

තවද, අවතැන් වූවන්ට අවශ්‍යය ආහාර පාන වතු පාලන අධිකාරිය මගින් ලබාදී තිබෙනවා.

කඩා වැටිමේ අවධානමකට ලක් වි ඇති වතු නිවාස පේලියේ පදිංචිව සිටි වතු කම්කරුවන් වෙනුවෙන් අලුතින් නව නිවාස ඉදි කිරිම සම්බන්ධයෙන් වැවිලි මානව සංවර්ධන භාරය සමග සාකච්ඡා පවත්වන බව වතු පාලන අධිකාරිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here