රැඳවියන්ට පහරදීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පෙත්සමක්

0
20
රැඳවියන්ට පහරදීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පෙත්සමක්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහර දී වධහිංසා වලට භාජනය කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල, පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු අට දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි සිරකරුවන් වධ හිංසාවලට භාජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් ලෙස කරුණු අනාවරණය වී තිබෙන බවයි.

මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණද ඒ සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි පෙත්සම්කරු පවසන්නේ.

මේ හේතුවෙන් අදාළ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here