වතු කම්කරුවන්ගේ ගැටලුව වෙනුවෙන් වව්නියාවේ පාපැදි කරුවෙක් කිලෝමීටර 2125ක පාපැදි සවාරියක

0
26
වතු කම්කරුවන්ගේ ගැටලුව වෙනුවෙන් වව්නියාවේ පාපැදි කරුවෙක් කිලෝමීටර 2125ක පාපැදි සවාරියක

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට තනි නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කර දෙන ලෙස ඉල්ලා වව්නියාවේ තරුණයෙක් පාපැදියකින් කිලෝමිටර් 2125 ගමන් කරමින් බලධාරින් දැනුවත් කිරිමේ වැටසටහනක් දියත් කරයි.

වව්නියාවේ පදිංචි ධර්මලිංගම් ප්‍රදිපන් නැමති 44 හැවිරිදි මෙම පාපැදි කරු ඉකුත් 10ද වෙනිදා වව්නියාවෙන් ගමන් ආරම්භ කර අද (23) පස්වරුවේ හැටන් නගරයට ලඟා වුණා.

ස්වයං රැකියාවක නිරතව සිටින ධර්මලිංගම් ප්‍රදිපන් මහතා දිනකට කිලෝමිටර 80ත් 100 අතර දුර ප්‍රමාණයක් පාපැදියෙන් ගමන් කරන අතර ඔහුගේ සිය ඉල්ලක්කය අවසන් වන්නේ මාර්තු මස 13 වන දින බවයි ධර්මලිංගම් ප්‍රදිපන් කියා සිටින්නේ.

වව්නියාව අනුරාධපුරය, මහනුවර, රත්නපුර, අවිස්සාවේල්ල, ගින්ගත්හේන, හැටන්, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, පොතුවිල්, මඩකලපුව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය, යාපනය හරහා යලිත් වව්නියාවට ලඟා විම ඔහුගේ අපෙක්ෂාවයි.

මේ ගමන පිළිබඳව අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
වව්නියාවේ තරුණයන් පිරිසක් සහ මග තොටදි තමන්ට හමුවන මිතුරන් තම ගමනට සහයෝගය දක්වන බවයි.


චමත් කාවින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here