කිඹුලන් මරා මස්කර විකුණන ජාවාරමක්, මයිලෝ පොලිස් සුනඛයා අල්ලයි

0
22

පලුගස්වැව – හොරිවිල ප්‍රදේශයේ කිඹුලන් අල්ලා ඝාතනයකොට මස් හා වියළි මස් අලෙවි කිරීමේ ජාවාරමක් හබරණ පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබේ.

වැටලීමට ‘මයිලෝ’ නමැති සුනඛයා එක්වූ බවයි, පොලිස් නිලධාරීන් පවසන්නේ. සැකකරුවන් සමග අලෙවියට සූදානම්කර තිබූ වේලන ලද කිඹුල් මස් තොගයක් ද නිලධාරී භාරයට ගැනිණ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ තමන් හොරිවිල වැවේ සිටින කිඹුලන් අල්ලා ඝාතනය කර මස් කිලෝවක් රුපියල් 1500 ක මිලයකට අලවි කරන බවයි.

කිඹුලන් ඝාතනය කොට මස් අලෙවි කිරීම සපුරා තහනම් වේ. වනසත්ත්ව වෘක්ෂ ලතා ආරක්ෂණ පනත මගින් කිඹුලා දැඩි ආරක්ෂිත සතෙකු ලෙස හඳුන්වා දී තිබෙන බවත් කිසිම ආකාරයකින් කිඹුලෙකු ඇතිකිරීම ළඟ තබා ගැනීම ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව වනජීවී නිලධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here